අතරමං වු බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් පිරිසක් මුදා ගනී

2019-06-20 12:53:00       675
feature-top
ස්පාඤ්ඤය ආසන්නයෙන් සාගරයේ අතරංමව තිබූ බෝට්ටුවක සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මුදාගැනීමට එරට බලධාරීන් සමත්ව ඇත.

කෙසේ නමුත් එහි සිටි තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපය බලා යාත්‍රා කරමින් සිටියදී සාගරයේ අතරමංවූ බෝට්ටුවක් ස්පාඤ්ඤයේ මොට්‍රිල් නගරය ආසන්නයේදී මගී ප්‍රවාහන නෞකාවකට හමුවී ඇත.

එම අවස්ථාවේ අදාළ බෝට්ටුව පාලනයකින් තොරව සාගරයේ පාවෙමින් තිබූ බව නෞකාවේ බලධාරීන් ප්‍රකාශ කළේය.

එතුළ පුද්ගලයන් 49 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔවුන් අතරින් විසි නවදෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවී ඇති අතර පුද්ගලයන් විසි දෙනෙකු අතුරුදන්ව සිටියි.

සංක්‍රමණිකයන් මුදාගැනීමේ මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානයක්ද යොදාගෙන ඇති බව සඳහන්ය.

යුද ගැටුම් සහ වඩාත් හොඳ ජීවන තත්ත්වයක් සොයා අප්‍රිකානු වැසියන් අනවසර බෝට්ටු මගින් යුරෝපය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරන අතරතුරදී එම ගමනේ ඇති අනාරක්ෂිත බව හේතුවෙන් අනතුරට පත්වන අවස්ථා පිළිබඳව විදෙස් මාධ්‍ය නිරන්තරයෙන් වාර්තා කරයි.

කෙසේ නමුත් මේ වසර තුලදී එලෙස යුරෝපයට ඇතුල්වීමට උත්සහ දරා ඇත්තේ විසිතුන්දහසකටත් වඩා අඩු ප්‍රමාණක් බව ජගත් සංවිධානය පවසයි.

දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය මූලික අවධානය යොමු කර තිබීම ඊට හේතුවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »