නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 15,500ක් නාවික හමුදා අත්අඩංගුවට

2019-06-19 05:44:00       224
feature-top
2019 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය අතරතුර මුහුදු කලාපයේ සිදු කරන ලද සෝදිසි වලදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 15,500ක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.

මේ අතර ඊයේ (18) දිනයේද වයඹ නාවික විධානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කල්පිටියේදී සහ මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 1638 ග්‍රෑම් 800ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33, 42 ස‍හ 28 ක් වන සැකකරුවන් සහ කරත්තය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කොළඹ රේගුව වෙත භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.


(under the courtesy of lankacnews.com news web)

More News »