සාෆිට එරෙහි පැමිණිලි ගැන පරීක්ෂණ කාසල් හා සොයිසා කාන්තා රොහල් වලදී

2019-06-19 05:22:00       496
feature-top
වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල පරීක්ෂණ සදහා සියලූ පහසුකම් සලසන ලෙසයි කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ. සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »