මං ඉවත් වෙන්නේ තනතුරවලින් විතරයි.. කදවුරෙන් නොවෙයි..- රාජිත මුල් ප‍්‍රකාශය සැන්ඩි කරයි..

2019-06-19 05:12:00       740
feature-top
තනතුරු අත්හැර දැමුවද තම කඳවුර අත් හරින්නේ නැති බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්නේ දැන් සිටින කදවුරේම හිදිමින් බවත් කී ඔහු එම මැතිවරණය ජයග්‍රහණය කරන බවද සදහන් කලේය.

තමනට චෝදනා කරන අයට එම මැතිවරණයේදී පාඩමක් උගන්නවන බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අළුත්ගමදී පැවති උත්සවයකදීය.

කෙසේ වෙතත් චීන දුම්වැටි මෙරටට ගෙන ආවහොත් තමන් ඉවත් වන බවත් ආණ්ඩුවට විරුද්දව පලමුවෙන්ම කැරලි ගසන්නේ තමන් බවත් ඇමතිවරයා කලින් ප‍්‍රකාශ කර තිබින.
(under the courtesy of lankacnews.com news web)

More News »