මැතිවරණය කවදා තියයිද කියා මමවත් දන්නේ නැහැ : නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා කියයි

2019-06-18 05:13:00       374
feature-top
පලාත් සභා මැතිවරණය කවදා පැවැත්වෙනවාද කියන්න බැහැ.උඩ ඉන්න දෙයියෝ දන්නවා දැයි මම දන්නේ නැහැ. කෙසේ නමුත් පලාතේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රාජ්‍ය  ආයතන ප්‍රධානින්ගේ හමුවකදි අද (18) නැගෙනහිර  ආණ්ඩුකාර ෂාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර ගේ මුලිකත්වයෙන් දිසාපති ශ්‍රවනාගාරයේදි මෙම රැස්විම පැවැත්වුණි.

රාජ්‍ය සේවය සුදු ජාතිකයන්ගේ ඉදලා පැවත එන දෙයක්. එසේ ආරම්භ වු රාජ්‍ය සේවයේ ඉහල තනතුරු සුදු ජාතිකයන් තියාගෙන  සැලසුම් ක්‍රියාවට නැන්විමේ  තනතුරු ස්වදේශිකයන්ට ඒ කාලේ දුන්නා. අපි නිදහස ලබාගෙන අවුරුදු 71ක් වෙනවා. 100%ක්  අපිට නිදහස ලැබිලත් අපිට අනන්‍යවු ජාතික ප්‍රතිපත්ති සකස් කර ගැනිමට බැරි වෙලා තියනවා. ඉස්සර කියමනක් තියනවා හොදට ඉගෙන ගත්තොත්  රාජ්‍ය සේවයට යන්න පුළුවන්  කියලා.ඒ කියමන කාලයක් බොහෝ රටවල තිබුණා. ඒ රටවල පෞද්ගලික අංශයේ දියුණුවත් සමග දැන් මතයක් ගොඩ නැගිලා  තියනවා හොදට ඉගෙන ගත්තේ නැත්නම් රාජ්‍ය සේවයට යන්න පුලුවන් කියලා.පරිගණක ලෝකය සමග රාජ්‍ය සේවකයා බද්ධ විය යුතුයි.

ඒ කාලේ අකුරු ලියන්න බැරි අයට සාක්ෂරතාවය අඩු එහෙම නැතිනම්  සාක්ෂරතාවය නැති අය කියනවා.අනාගතයේ පරිගණක ලොව සමග බද්ධ නොවුණු අය සාක්ෂරතාවය අඩු අය විදිහට සලකන යුගයක් එනවා. තවත් කාලයක් යනකොට කඩදාසි යුගය අවසන් වෙනවා.මේ මගේ පලාත කියලා.මම ඒ විදිහට වැඩ කිරිමේදි පෘථග්ජනයෙක් විදිහට මගෙන් වරදක් දෝෂයක් වෙන්න පුලුවන්. ඒවාමට පෙන්නලා දෙන්න මගේ උපරිම හැකියාවෙන් මෙය නිවැරදි කරගන්න කටයුතු කරනවා යැයි මෙහිද තවදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාර ෂාන් විජයලාල් ද සිල්වා කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »