ලෝක කුසලාන තරගාවලිය අතරතුර දෙවන වරටත් ලංකාවට පැමිණි මාලිංග යළි එංගලන්තය බලා පිටත්ව යයි

2019-06-18 04:52:00       741
feature-top
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දෙවන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි ලසිත් මාලිංග අද පස්වරු එකට පමණ යළි එංගලන්තය බලා පිටත්ව ගියා. ඔහු මෙලෙස හදිසියේ පැමිණියේ සිය නැන්දණියගේ සත්දින දානමය පිංකමට සහභාගිවීම සදහායි.

ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග මෙලෙස යළි ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මීට පෙර සිය නැන්දණියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා ඉකුත් 12 වනදා ශ්‍රී ලංකාවට පැමිණ 14 වනදා යළි එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියා.


(under the courtesy of nethnews.lk news web)

More News »