ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කීවාට වෙල්ගම විරුද්ද වේ.. තමන්ද ජනාධිපති වෙන්න සුදුසු බව කියයි..

2019-06-18 10:24:00       773
feature-top
මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැනද මන්ත‍්‍රිවරයා විරෝධය පල කරයි.

එවන් ප‍්‍රකාශයක් කිරීමට ඔහුට බලයක් ලබා දී නැති බවත් වෙල්ගම මහතා සදහන් කරයි.

තමනටද ජනාධිපතිවරණයට සුදුසුකම් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »