කෙරෙන යෝජනා ගැන චමල් හෙළිකරයි

2019-06-18 09:11:00       759
feature-top
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කිරීමට තවමත් කල්වේලා වැඩි බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ පවසනවා.

විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා චමල් රාජපක්‍ෂ බවට විවිධ පාර්ශ්ව සිදුකරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.

කෙසේවෙතත් විවිධ පාර්ශ්වවලින් නොනිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කර ඇති බවයි චමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ. නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්  ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට තමන් සූදානම් බවද ඔහු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කිරීමට තමන් සූදානම් නොවන බවයි චමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා මෙහිදී සඳහන් කළේ. තවත් සති දෙකකින් පමණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ප‍්‍රකාශයක් සිදුකරන බවද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »