ලෝක කුසලානය වෙනුවෙන් මාලිංග සහ නුවන් අද පිටියට

2019-06-15 02:49:00       547
feature-top
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සහභාගීවන තරගය අද ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගය පැවැත්වෙන ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණය අවට කාළගුණ තත්ත්වය අද උදෑසන ඉතා යහපත් මට්ටමක පැවතුණි.

ඒ අනුව අද තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට බොහෝ දුරට හැකිවනු ඇත.

කෙසේ වෙතත් අද තරගය සඳහාත් ලබා දී ඇත්තේ කාඩිෆ් නුවර පැවති තරග වලදී ලබා දුන් ආකාරයේම කොළ පැහැති තණ තීරුවකි.

ඒ අනුව අද තරගය සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් පස්දෙනෙක් සමඟ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතියි.

මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (14) රාත්‍රියේ ලන්ඩන් නුවරට පැමිණි අතර ඔහු අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ආබාධයට පත් ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද තරගයට සහභාගී වන නමුත් පන්දු රැකීම සඳහා සහභාගී වනවාද යන්න නිශ්චිත නැත.

ඊයේ පැවති අද තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ නුවන් ප්‍රදීප් ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය බැවින් අවදානමක් ගැනීම සුදුසු නොවන බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »