ඇමති ධුර යළි භාර ගන්න මුස්ලිම් ඇමතිවරු සාකච්ඡාවලට සූදානමින්

2019-06-15 02:42:00       376
feature-top
ඇමති ධුර යළි භාර ගන්න මුස්ලිම් ඇමතිවරු සාකච්ඡාවලට සූදානමින්මහනාහිමිවරුන් කළ ඉල්ලීම අනුව නැවත අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් තීරණය කර ඇත.

අද දෙරණ කල විමසීමක දී ඒ.එච්.එම්.ෆවුසි මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි සතියේ සිය කණ්ඩායම රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි.

ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමඟ ආණ්ඩුව නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් 09 දෙනා පසුගිය 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉල්ලා අස්වුණි.

කෙසේවෙතත් ඔවුන්ට යලි සිය අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් පසුගියදා ඉල්ලීමක් සිදුකර තිබුණි.
 


(under the courtesy of adaderana.lk news web)

More News »