දුම්රිය පීලි පැනීමක් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදියෙකුට පොලීසියෙන් ගුටි බැට

2019-06-14 10:19:00       683
feature-top
මාධ්‍ය නිදහස පිළිබඳව දැඩි කතාබහට ලක් වූ සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ උතුරුදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය මාර්ගයක් අසළදී එරට මාධ්‍යවේදියෙකුට පොලිස් නිලධාරීන් (railway police)විසින් පහර දෙන අයුරු දැක්වෙන දර්ශන මාධ්‍යයට නිකුත් වී ඇත.

ඔහු මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, දුම්රිය පීලි පැනීමක් වාර්තාකරණයට ගිය අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ඊට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සිදුවීමත් සමඟ එරට මාධ්‍ය නිදහස පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙමින් තිබෙන බවයි.

වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, රටවල් 180 ක් අතුරින් අසල්වැසි ඉන්දියාව 140 වැනි ස්ථානයේ පසුවන බව ද  විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »