වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු තලවකැලේදී අත්අඩංගුවට

2019-06-13 04:48:00       694
feature-top
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය පුද්ගලයෙකු තලවකැලේ ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වසර 2කට ආසන්න කාලයක් කිසිදු අනුමැතියකින් තොරව තලවකැලේ නගරයේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ ගබ්සාවන් සිදු කරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සමන්තුරේ ප‍්‍රදේශයේ පදිංචි 49හැවිරිදි පුද්ගලයෙක්.


(under the courtesy of nethnews.lk news web)

More News »