"ජනතාවගේ බය නැති කිරීම නායකයින්ගේ වගකීම - ඒක තමයි මම කිව්වේ" - හිස්බුල්ලා ප්‍රකාශය ගැන යළිත් කතා කරයි

2019-06-13 01:55:00       697
feature-top
ශී‍්‍ර ලංකාවේ සුළු ජාතියක් වුවද මුස්ලිම් ජනයා ලෝකයේ මහා ජාතියක් බැවින් බිය නොවී නැගී සිටින ලෙසට කළ ප‍්‍රකාශය වගකීමෙන් සිදුකළ එකක් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා.

ඒ, නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.

එහිදී "ජනතාවට  ධෛර්ය දීම..බය නැතිකිරීම නායකයින්ගේ වගකීමක්. ඒක තමයි මම කිව්වේ" යනුවෙන් ද සඳහන් කළා.


පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (13) දිනයේ පෙනී සිටින්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා. ඒ අනුව තමන් ඊට අනිවාර්යයෙන්ම සහභාගි වන බවයි ඔහු මෙහිදී කියාසිටියේ.

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහි පැමිණිලි භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය ඊයෙන් (12) අවසන් වුණා. පොලීසියේ දත්තවලට අනුව එහිදී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව ලැබී තිබුණේ පැමිණිලි දෙකක් පමණයි.


(under the courtesy of nethnews.lk news web)

More News »