Exclusive : පාස්කු බෝම්බ කමිටුවේ Master Plane එලියට.. මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් කර වැඩබලන ජනාධිපති රනිල් යටතේ ජනාධිපතිවරණක්..

2019-06-13 09:12:00       4478
feature-top
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ එකම අරමුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ධුරයෙන් ඉල්ලා අස් වීමට සැලැස්වීම හෝ දෝශාභියෝගයක් ගෙනවිත් ඔහු ධුරයෙන් ඉවත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කර ජනාධිපතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවද ඔහු කියා සිටියේය.

කතානායකවරයාට පුද්ගලයෙක් ඉලක්ක කරමින් දේශපාලනය කළ නොහැකි බවත් කතානායකවරයා විසින් විධායක ජනාධිපතිවරයා නොතකා කටයුතු කරමින් ඇති බවත් ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »