"එළියට දැම්මේ හැසිරීම නිසා" - ජනපති කියයි

2019-06-13 08:59:00       1003
feature-top
ඇතැම් නිලධාරීන්ට ආරක්‍ෂක මණ්ඩලයට පැමිණෙන ලෙසට ආරාධනා නොකළේ එම පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආරක්‍ෂක මණ්ඩලයේදී පවා එවැනි හැසිරීම් හේතුවෙන් රටේ ආරක්‍ෂාව පිළිබඳ ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් හෝ දැනුවත්වීමක් ඔවුන් තුළ නොතිබූ බවයි.තේරිම් කාරක සභාවේදී තමන් ඉලක්ක කර ගෙන විවිධ අවලාද නැගෙමින් ඇති බවත් දැන් උත්සාහ කළ යුත්තේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් සැඟවී ගිය සත්‍යය මතුකර ගැනීම බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පඩුවස්නුවර, කොටකිඹුල ප‍්‍රදේශයේ එල්ලංගා වාරි ක‍්‍රමයට අනුව නිර්මාණය කිරීමට යෝජිත අමුණ සඳහා වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. 


(under the courtesy of nethnews.lk news web)

More News »