සතොස වාහනවලට GPS භාවිතා කළ හේතුවත් පැහැදිළි කරයි

2019-06-13 08:50:00       753
feature-top
අන්තවාදී කටයුතුවලට තම ආයතනයේ වාහන භාවිත කර ඇති බවට එල්ල වන චෝදනා සතොස ආයතනය ප‍්‍රතික්‍ෂේප කරනවා. එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එස්. එම්. ෆවුසර් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ සතොස ආයතනයේ වාහන විවිධ ප‍්‍රදේශවලට ගොස් ඇත්තේ රාජකාරී කටයුතු සඳහා පමණක් බවයි.


කෙසේවෙතත් සතොස ආයතනයේ වාහන 4 ක් අන්තවාදී කටයුතුවලට භාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ (12) අනාවරණ කළේ අදාළ වාහනවල GPS දත්ත වාර්තාද ගෙනහැර දක්වමින්.

කෙසේවෙතත් සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එස්. එම්. ෆවුසර් කියාසිටියේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

අදාළ වාහන මන්නාරම, සයින්දමරුදු, මඩකලපුව වැනි ප‍්‍රදේශවලට ගොස් ඇත්තේ කුමන කටයුතුවලට දැයි පැහැදිලි සාක්‍ෂි තම ආයතනය සතු බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

"නොකරපු දෙයකට චෝදනා එල්ල කළා කියලා අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඒ වගේ දූෂණ විශමතා වලක්වා ගැනීමට තමයි වැඩපිළිවෙල යොදලා තිබ්බේ. නැත්නම් අපි GPS තාක්ෂණය යොදා ගන්නේ නෑ අපේ වාහනවලට." යනුවෙන්ද සඳහන් කළා.


කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ප‍්‍රකාශ කළේ රිෂාඞ් බදියුදීන් අමාත්‍ය ධුරය දැරූ සමයේ සතොසේ වාහන අන්තවාදී කටයුතුවලට යොදාගෙන ඇති බවට අධිකරණ කි‍්‍රයාමාර්ගයකදී සාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට සූදානම් බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »