'චමල් සහ ගෝඨා' අතරින් වැඩි දෙනෙකු අනුමත කරන නම සොයයි

2019-06-13 08:48:00       687
feature-top
එළඹෙන ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ පත්කළ යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

යෝජනාව ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසන්නේ චමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා අපේක්‍ෂකත්වයට ඉදිරිපත් කරන්නේ දැයි සාකච්ඡා කර පොදු තීරණයක් ගතයුතු බවයි.

එහිදී "දැනට අපි ඉන්නේ චමල් මහත්තයා අපේක්ෂකයා වෙනවා නම් හොඳයි කියන තැන. නමුත් ඒකාබද්ධ විපක්ෂය එක පොදු තීරණයකට එනවා. ඒකෙදි ගෝඨාභය මහත්තයාගෙ නම යෝජනා වුණොත්.. ඒක අනුමත වුණොත් වැඩි දෙනෙකුගෙන් අපි ඒක භාර ගන්නවා." යනුවෙන් සඳහන් කළා.

කෙසේවෙතත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර සන්ධානයක් ගොඩනැගීමට අදාළ සාකච්ඡා වට සිදුවෙමින් පවතිද්දීවීම විශේෂත්වයක්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම ඉකුත්දා ප‍්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේ නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වත්මන් ජනාධිපතිවරයා වියයුතු බවයි.

මෙවන් පසුබිමක වෙන වෙනම ජනාධිපති අපේක්‍ෂකයින් පත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ප‍්‍රකාශ  කළේ මේ වනවිටත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් දැයි අවධානය යොමුකර අවසන් බවයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර මේ වනවිට සිදුවන සාකච්ඡා ජනාධිපති අපේක්‍ෂකයා අරමුණු කර ගෙන සිදුවන්නේ දැයි ඊට සම්බන්ධ නායකයින් ප‍්‍රකාශයක් සිදුකළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »