අමෙරිකා-ග්වාතමාලා දේශ සීමාවේ ආරක්ෂාව තර වෙයි

2019-06-12 04:24:00       129
feature-top
අමෙරිකාව සහ ග්වාතමාලාව සමඟින් පවතින දේශ සීමාවන්හි ආරක්ෂාව දැඩි කිරීමට මෙක්සිකෝ බලධාරීන් කටයුතු කර ඇත.

ඒ වෙනුවෙන් දේශසීමා වෙත දහස් ගණන් හමුදා යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙක්සිකෝවේ දේශසීමා ආරක්ෂාව තරකිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අමෙරිකාව සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුවයි.

මේ අනුව මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ මෙන්ම මෙක්සිකෝව සහ ග්වාතමාලාව අතර පවතින දේශසීමාවේද ආරක්ෂාව තරකෙරෙනු ඇත.

මේ අතර පැවැති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් සදහන් කළේ, දේශසීමා ආරක්ෂාව තහවුරු කර ඇතත් ඊට අමෙරිකාවේ සහය ලබානොගත් බවයි.

කෙසේ නමුත් දරිද්‍රතාවෙන් පීඩාවට පත්ව ඇති මධ්‍යම අමෙරිකානු රාජ්‍යයන් සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය සහාය අමෙරිකාවෙන් හිමිවෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.

දේශසීමා ආරක්ෂාව තරකරමින් සරණාගතයන් අමෙරිකාව වෙත පැමිණීම පාලනය නොකලහොත් දැඩි ආනයන බදු අයකරන බවට ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළ අතර මෙසේ දේශ සීමා ආරක්ෂාව තර කළේ ඒ අනුවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »