බෝ ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් 5ක් රෝහලට-එක් සිසුවෙකුට බරපතළයි

2019-06-12 03:05:00       756
feature-top
බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් කුරුණෑගල,නාරම්මල, පහමුනේ ප්‍රදේශයේදී පෙර පාසල් සිසුන් 5 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් එක් දරුවෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

අද(12) උදෑසන 9 ට පමණ පෙර පාසල ආසන්නයේ තිබු වසර 150ක් පමණ පැරණි බෝ ගසක අත්තක් විශාල හඬක් සමඟ මෙලෙස කඩා වැටී ඇත.

අද උදෑසන පෙර පාසලේ පැවති සිල් සමාදන් වීමේ වැඩසහටහනකින් අනතුරුව මෙම අනතුර සිදුව තිබේ.

එම අවස්ථාවේ දී පහමුනේ, දිප්ති පෙර පාසලේ ඒ වන විට සිසුන් 15 ක් පමණ සිට ඇතැයි සිද්ධිය වෙන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි කාන්තාවක් අද දෙරණට පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රෝහල් ගත කර ඇති සිසුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.


(under the courtesy of adaderana.lk news web)

More News »