පාර්ලිමේන්තුවට එවලා තියෙන 225ම සුදුසු අයද?

2019-06-12 10:44:00       338
feature-top
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයකයා අන්තවාදයට විරුද්ධ පුද්ගලයකු විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

හොරණ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

"ආරක්ෂාව පිළිබඳ තොරතුරු තැන් තැන් වල කියන්න හොඳ නෑ.

ආණ්ඩුවක් කරන්න ඕනෙ ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්න.

මානසික තත්ත්වය ඉහළට ගේන වැඩපිළිවෙලක් කරන්න.

මේවයින් වෙන්නේ තව තවත් ප්‍රශ්න ඇති වෙන එක.

අපිට හොඳ බුද්ධි අංශයක් නැති බව පැහැදිලියි. එවැනි බුද්ධි අංශයක් නිර්මාණය කළ යුතුයි.

බෝම්බයක් පිපිරුවා කියලා ආණ්ඩුවේ අය කලබල වෙලා එහෙ මෙහෙ දුවනවා. බොරුවට කාරක කමිටු දානවා. කොමිශන් දානවා.

මේ සඳහා ක්‍රමානුකූල සැළැස්මක් තියෙනවා. එක එක්කෙනා කබ ඇදලා වැඩක් නෑ.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය සමඟ අපි හැප්පුනා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ඒ අයගෙන් උපදෙස් ගන්න ඕනෙ.

රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ට ආරක්ෂාවක් දෙන්න.

සාමයක් නැති තැන දියුණුවක් නෑ.

මේ රට හූරගෙන කන හොරකම් කරන පැලැන්තියක්නේ අපේ රටේ දේශපාලකයින්.

මම දේශපාලකයන්ට තමා කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ.

සමහරු ඒ සඳහා නිලධාරීන් අල්ල ගන්නවා.

නිලධාරීන් එහෙම වැඩ කරන්නේ වැඩ නොදන්න ඇමතිවරු හින්දා.

ඒ හින්දා තමයි නිලධාරීන් ඒ විදිහට පිනුම් ගහන්නේ.

සුදුස්සාට සුදුසු තැන නෑනේ.

පාර්ලිමේන්තුවට එවලා තියෙන 225ම සුදුසු අයද?

ජනතාව තීරණය කරන්න. මනාප පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න.

අන්තවාදීන්ට උදව් දෙන අයනම් වෙන්න බෑ." ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »