19වන ශත වර්ෂයට අයත් නෞකාවක් අනතුරට

2019-06-11 12:37:00       163
feature-top
19 වන ශත වර්ෂයට අයත් නෞකාවක් ජර්මනියේදී අනතුරට ලක්ව තිබේ.

ජර්මනියේ ඇල්බි ගංගාව ආසන්නයේදී නෞකාව බහාලුම් ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාව තුළ පුද්ගලයින් 43 දෙනෙකු සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

දැවමය නෞකාවක් වන මෙය නිර්මාණය කර ඇත්තේ 1883 වර්ෂයේදී.

මෑතකදී මෙය ඩොලර් මිලියන 1.7ක වියදමක් දරා ප්‍රතිසංස්කරණය කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.‍
(under the courtesy of adaderana.lk news web)

More News »