සෑම ක්‍රීඩකයෙකුටම ලැජ්ජාව බය තියෙන්න ඕනේ-මාලිංග

2019-06-04 05:21:00       682
feature-top
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද කාඩිෆ් හිදී පැවැත් වේ.

මේ අතර එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කළේ සෑම ක්‍රිඩකයෙක්ම තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගන්නා තෙක් තරගයක් ජයගත නොහැකි බවයි.

තරගයක් පැරදුන විට එහි සිදු වු වැරදි සම්බන්ධයෙන් නිවැරදි අවබොදයක් ඇතුව එම වැරදි නිවැරදි කර ගනිමන් ඉදිරි තරග සඳහා මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.

එමෙන්ම සෑම ක්‍රීඩකයෙකුම ලැජ්ජාව,බය සහ තමන් නිවැරදිව ක්‍රීඩා කළ යුතු යන්න සිතෙහි තබා ගනිමින් තරගයට අවතීර්න විය යුතු බවද මලිංග ප්‍රකාශ කළේය.

එසේ නොමැති වුවහොත් පවතින ආකාරයටම පරාජන් සිදු විය හැකි බවත් එම තත්ත්වය වෙනස් කිරිමට දිර්ඝ කාලයක් ගත විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.


(under the courtesy of adaderana.lk news web)

More News »