පාකිස්තානයට පැරදුන කැන්ගරුවන්

2019-06-04 05:19:00       659
feature-top
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සෑම කණ්ඩායමකටම විවෘත තරගාවලියක් බව ඔප්පු කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (03) සමත් විය.

ඒ මෙවර තරගාවලියට සහභාගි වන ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ පැවති තරගයේදී ලකුණු 14කින් පරාජය කරමින්.

පාකිස්තානය සහභාගි වූ පලමු තරගයේදී කොදෙව්වන් හමුවේ ලකුණු 105කට දැවී යමින් දරුණු පරාජයකට මුහුණදීම හේතුවෙන් ඊයේ තරගයේදී එංගලන්තය ඔවුන්ව පහසුවෙන් පරාජය කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළේය.

නොටින්හැම් ක්‍රීඩාංගණයේ දි කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේ පෙර තරගයේදී මෙන්ම පාකිස්තානය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේ අරමුණෙන්.

නමුත් පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන ෆකාර් සමාන් සහ ඉමාම් උල්හක් ලකුණු 82ක සබඳතාවක් ගොඩ නගමින් ලබා දුන් සාර්ථක ආරම්භයත් සමග බාබර් අසාම් දලකුණු 63ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළේය.

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන මොහොමඩ් හෆීස් පාකිස්තාන මැද පෙළ ශක්තිමත් කරමින් පන්දු 62කදී ලකුණු 84ක් රැස් කළේ පෙර තරගයේ බිඳ වැටී තිබූ පාකිස්තාන පිතිකරුවන්ගේ විශ්වාසය නැවත ගොඩ නගමින්.

නායක සර්ෆ්රාස් අහමඩ් ලකුණු 55යි.

ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසන් වනවිට කඩුළු 8කට ලකුණු 348ක් ලකුණු පුවරුවට එක් කළේ පාකිස්තාන කණ්ඩායමක් ලෝක කුසලානයේදී රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ මොයින් අලී කඩුළු 3 බැගින් දවා ගත්තේය.

ලකුණු 349ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන්ට එතරම් සාර්ථක වීමට නොහැකි වූ අතර ලකුණු 118කට ඔවුන්ගේ කඩුළු 4ක් දැවී ගියේය.

නමුත් පස්වන කඩුල්ලට පිටියට එක්වූ ජෝ රූට් සහ ජොස් බට්ලර් සටන්කාමී ලකුණු 130ක සබඳතාවක් ගොඩ නැගුවේ එංගලන්තයට ජයග්‍රාහි බලාපොරොත්තුවක් එක් කරමින්.

එහිදී ජෝ රූට් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පලමු ශතකය රැස් කිරීමට සමත් විය.

ඔහුගේ දැවී යාමත් සමග එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොත්තුව පහව ගියේය.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 348ක් රැස් කරගත්තේය.

මොහොමඩ් හෆීස් ලකුණු 84ක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 63යි.

නායක සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 55ක් රැස් කළේය.

එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ මොයින් අලි කඩුළු 3 බැගින් දවා ගත්තේය.

ලකුණු 349ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියිට පිවිසි එංගලන්ත පිලේ පළමු කඩුල්ල එක් ලකුණකදී දවා ගැනීමට ශඩාබ් ඛාන් සමත් විය.


(under the courtesy of adaderana.lk news web)

More News »