ඊශ්‍රායලයෙන් මතු වු උමග

2019-06-04 05:16:00       866
feature-top
මීටර් 80ක තරම් ගැඹුරින් යුත් උමගක් සම්බන්ධයෙන් පුවතක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.

විදුලිය සහ සන්නිවේදන පහසුකම්ද සහිත මෙම උමග ලෙබනන් හිස්බුල්ලා ගරිල්ලන්ගේ  නිර්මාණයක් බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේය.

ලෙබනන් හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය භාවිත කළ බවට පැවසෙන විශාල උමගක් පිලිබද ඊශ්‍රායල හමුදා පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කළේය.

මහල් 22ක ගොඩනැගිල්ලක් තරමට ගැඹුරින් යුත් මේ උමඟ ඊශ්‍රායලය සහ ලෙබනන් රාජ්‍යය අතර දේශසීමාවේ පිහිටා තිබේ.

සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද එක්කර සාදා තිබූ මෙම උමඟ සම්පූර්ණ වශයෙන්ම විද්‍යුත් පරිපථ යොදා සකස්කර තිබුණි.

එහි එක් විවරයක් ලෙබනන් රාජ්‍යයේ පැවැති අතර අනෙක් දොරටුව උතුරුදිග ඊශ්‍රායලයේ සරාත් නගරයේ පැවැති බවද වැඩිදුරටත් සදහන්.

මෙම උමඟ සම්බන්ධයෙන් පළමුවරට අනාවරණය වී ඇත්තේ මේ වසර මුල් භාගයේදීයි.

කෙසේ නමුත් ඉතාමත් සංකීර්ණ ව්‍යුහයක් ලෙසින් නිර්මාණය කර ඇති මෙම උමඟේ දර්ශන මාධ්‍යයට නිකුත් වූ පළමු අවස්ථාව මෙයයි.

එය යොදාගෙන පසුගිය වසර පුරා ඊශ්‍රායලයේ ස්ථාන රැසක් වෙත ප්‍රහාර මෙහෙයවා ඇති බවයි ඊශ්‍රායලය වැඩිදුරටත් පවසන්නේය.

මේ අතර උමඟ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිස්බුල්ලා නායකයා ද පවසා ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මෙම උමග යොදාගෙන ඊශ්‍රායලය වෙත ප්‍රහාර යොමුකළ බවයි.

කෙසේ නමුත් එය නිර්මාණය කිරීමේ පූර්ණ සැලැස්ම සම්න්ධයෙන් අනාවරණය කිරීමෙන් ඔහු වැලකී සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

More News »