මාලිංග යළි කණ්ඩායම සමග - ශ්‍රී ලංකා පිළේ අවසන් පුහුණු තරගය අද

2019-05-27 10:03:00       636
feature-top
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් පුහුණු තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයේ දී දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත්වුණා.  

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ප‍්‍රබල එංගලන්තය පළමු පුහුණු තරගයේ දී පරාජයට පත් කිරීම ද කැපී පෙනෙන සිද්ධියක්.

මේ අතර IPL ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවීමෙන් පසු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අද දිනයේ පළමු වරට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ස්කොට්ලන්තය සමග පැවති එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංග විවේක ගැන්වූ අතර දකුණු අප‍්‍රිකාවට එරෙහි පළමු පුහුණු තරගයට ඔහු එක්වූයේ නැහැ.

මේ අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ තවත් පුහුණු තරගයක් අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්තය සහ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය සමගයි. ඇෆ්ගනිස්ථානය සහභාගී වූ පළමු පුහුණු තරගයේ දී ප‍්‍රබල පාකිස්තානය පරාජය කිරීම ද කැපී පෙනෙන සිද්ධියක්.

(under the courtesy of nethnews.lk news web)

More News »