ගුවන් හමුදාපති අනිද්දා විශ්‍රාම යෑමට නියමිතයි

2019-05-27 09:20:00       675
feature-top
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, අනිද්දා විශ‍්‍රාම යාමට නියමිතයි. ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් පත්කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ සඳහා වත්මන් ගුවන් හමුදාපතිවරයා ද සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

අනිද්දා (29) විශ‍්‍රාම යන එයාර් මාර්ෂල් කපිල ජයම්පති නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වුයේ 2016 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1982 දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වන ඔහු එතැන් සිට ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරූ අතර ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කළා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »