UN නම ගැසූ හමුදා රථ මෙරට මාර්ගවල.. UN හමුදාවක් මෙරටට ඇවිත්ද..

2019-05-26 09:06:00       679
feature-top
සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වන UN ලෙසින් සදහන් මෙරට මාර්ගවල සැරිසරන හමුදා රථ පෙල ශ‍්‍රී ලංකා හමුදාවට අයත් ඒවා බව යුද හමුදාව පවසයි.

වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතා පවසන්නේ ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් පැමිණ ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ශ‍්‍රී ලංකා හමුදා භටයන් සමග මාලි රාජ්‍යයේ සාම සාධක හමුදාවන් සදහා යැවීම හමුදා රථ ඊට අවශ්‍ය ලෙස සුදානම් කර පරීක්ෂණ ධාවනයේ යෙදෙද්දී ගත් පින්තූර මෙසේ සමාජ ජාලයන්ට එක් කර අතැයිද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »