මුහුණු පොතේ සංසරණය වු හමුදා රථ පෙල ගැන ඇත්ත කතාව මෙන්න

2019-05-25 03:14:00       645
feature-top
UN ලෙස සඳහන් වු හමුදා රථ පෙලක් මෙරට වීථීවල ගමන් කරන ආකාරයේ දැක්වෙන ඡායාරූප සහ විඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් අද දෙරණ විමසීමක් කළ විට ඔහු පැවසුවේ එය වැරදි වැටහීමක් බවයි.

එක්සත් ජාතීන්ගේ හමුදා සේනාංකයක් මෙරටට පැමිණි ඇති බවට පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ සම්බනධයෙන් පැහැදිලි කරමින් ඒ මහතා පැවසුවේ මාලි රාජ්‍යයේ රාජකාරී සඳහා යැවීමට නියමිත යුද හමුදාවේ බෆල් රථ අවශ්‍ය සුදානම් කටයුතු වලින් අනතුරුව පරීක්ෂණ ධාවනයේ යෙදෙන අවස්ථාවකදී යම් යුද්ගලයෙක් විසින් මෙලෙස ඡායාරූප ගෙන වැරදි වැටහීමක් ඇති වන පරදි සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි.

වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසටයි.


(under the courtesy of adaderana.lk news web)

More News »