ලංකාවට එන්න විදේශිකයින්ට පනවා ඇති තහනම ඉවත් කරන්න අගමැති ඉල්ලයි

2019-05-24 05:28:00       648
feature-top
එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇති බව සහ උපරිම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා, ඒ පසුබිම මත ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමග අද (24) සවස අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ආරක්‍ෂක අංශ විසින් වර්තමාන ආරක්‍ෂක තත්ත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් කරුණු ගෙනහැර දක්වන ලදී.

මෙම සිද්ධිය මුවාවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් දැරූ අයට දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරන බව ද ආරක්‍ෂක අංශ මෙහිදී අවධාරණය කළහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියහ.  


(under the courtesy of adaderana.lk news web)

More News »