ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

2019-05-24 05:26:00       687
feature-top
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද(24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙහෙයුම් පිළිබඳ නවතම තොරතුරුද අනාවරණ කළේය.

එම බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 14 ක පමණ මුදලක් මේ වන විට සොයා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට අමතරව රුපයිල් බිලියන 7 ක පමණ වෙනත් වත්කම් ගැන සිදු කරන විමර්ශනත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතියි.


(under the courtesy of adaderana.lk news web)

More News »