මුහුදෙන් හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

2019-05-24 04:37:00       650
feature-top
නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික තොගයක් මෙරටට රැගෙන ඒමේ චෝදනා එල්ල වූ ඉරාන ජාතිකයින් 9 දෙනා යළි රක්ෂිත බන්ධනාගරගත කර ඇත.

ඔවුන් ලබන 4 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික තොගයක් රැගත් ඉරාන නෞකාවක් සමඟ ඉරාන ජාතිකයින් නව දෙනෙකු මෙරට දකුණු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් විය.

අදාළ නඩු සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යංශයට අවවාද කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.


(under the courtesy of adaderana.lk news web)

More News »