2019 දෙවැනි දිනටත් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. මිලියන 100 ඉක්මවීමට අසමත් වෙයි
2019-05-24 10:38:00  ★ 681

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (23) දින වාර්තා වූයේ රුපියල් 83,495,225.20 ක් වශයෙනි. මෙය 2019 වසර තුළ රු. මිලියන 100 ට අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර 2019 ජනවාරි 04 දින රු. 68,775,391.70 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත් අඛණ්ඩව 5 වන දිනයටත් මිල දර්ශකවල ඉහළ යාමක් පෙන්නුම් කරමින් අද දිනය තුළ දීද සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,305.80 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.12 ක ඉහළ යාමක් ලෙසින් සටහන් වේ.
මේ අතර අද දින පිරිවැටුම වූ රු. මිලියන 83.49 න් 90%ක්ම, එනම් රු. මිලියන 75.35ක්ම සටහන් වූයේ දේශීය මිල දී ගැනීම් වශයෙනි. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 8.14 ක් තරම් ඉතා පහළ අගයයක් විය.
වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම වාර්තා වන්නේ රු. මිලියන 557.8 ක් ලෙසිනි. පසුගිය 2018 වසරේ දී එම අගය රු. මිලියන 834 ක් විය.
(under the courtesy of adaderana.lk news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com