පකිස්තානු සරණාගතයින් වවුනියාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දිස්ති‍්‍රක් ලේකම්වරයාට ලිපියක්

2019-05-23 04:24:00       653
feature-top
වවුනියාව පූංතෝට්ටම් ප‍්‍රදේශයට රැගෙන එනු ලැබූ පකිස්තානු සරණාගතයින් 38දෙනා වහාම එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා වව්නියාව දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, එම ප‍්‍රදේශයේ ආගමික සහ දේශපාලන නායකයින් පිරිසක් විසින්.

මෙම පකිස්තානු සරණාගතයින් පිිරිස වවුනියාව පූංතෝට්ටම් ප‍්‍රදේශයේ, හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් පුණරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයක් වෙත රැගෙන එනු ලැබූවේ ඉකුත් 17වනදායි.

අනවශ්‍ය ගැටලූවක් උද්ගතවීමට පෙර මෙම පිරිස අදාළ ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙසයි එම ප‍්‍රදේශයේ ආගමික හා දේශපාලන නායකයින් වව්නියාව දිස්ති‍්‍රක් ලේකම්වයාගෙන් මෙහිදී ඉල්ලා ඇත්තේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »