මදුමාධව පොලිස් අත්අඩංගුවට…

2019-05-23 02:18:00       626
feature-top
මෑතක දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අද ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

එම සිද්ධිවලට සම්බන්ධ බව කියන රාගම හා කඩවත පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සොයා ක්‍රියාත්මක කර ඇත.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කිහිප වතාවක්ම පොලිසිය ඔවුන්ගේ නිවෙස්වලට ගියත් ඔවුන් නිවෙස් වල නොසිටි බවද එම පොලිස් නිලධාරියා උපුටමින් පුවත්පත වාර්තා කරයි.

මධුමාධව අරවින්ද මහතාට කිහිප වතාවක්ම පොලිසියට පැමිණෙන්නේ දැනුම්දීම් කර තිබුණද ඔහු නොපැමිණි බවද එම පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.

අදාළ සිදුවීම් සිදුවූ දිනයේ ඒ ආසන්න කැමරාවල පටිගත වූ රූපරාමු පරීක්ෂාකර බැලීමේදී අනාවරණය වූ තොරතුරු මත මධුමාධව අරවින්ද මහතා සහ එකී ව්‍යාපාරිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී ඇති බව ද පොලිසිය කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »