"තවුහීද් ජමාත් වෛද්‍යවරයා සිංහල මවුවරුන් හාරදහසක් වඳ කරලා" පුවත්පතකින් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්.!

2019-05-23 01:46:00       673
feature-top
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් අරඹා තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

එම මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

සැත්කමට භාජනය වන මවුවරුන් නොදැනුවත්ව මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බවද සඳහන්.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළිවී තිබෙන බවත් එම පුවත්පත වාර්තා කර තිබේ.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර තවුහීද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කිහිපදෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් දිවයින පුවත්පත වාර්තා කළ එම පුවත පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදි කතාබහට ලක්වූ අතර අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කර සිටියා.

එහිදී අදහස් දැක්වූ කථානායකවරයා පැවසූවේ මෙම ප්‍රවෘත්තීය දැන ගත් විගසින් ඒ පිළිබඳ පොලිස්පතිවරයා හා බුද්ධි අංශ ප්‍රධාණීන්ගෙන් අදහස් ලබා ගත් බවත් එවැනි පුවතක් පිළිබඳ තමන්ට වාර්තා වී නොමැති බව ඔවුන් පැවසූ බවයි.

ඒ අනුව මෙම ප්‍රවෘත්ති පිළිබඳ පාර්ලිමේන්තුව විශේෂ සොයා බැලීමක්  සිදුකරන බවද කථානායකවරයා පැවසූවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »