උලපනේ සුමංගල හිමිගේ විරෝධය මත ඥානසාර හිමි නිදහස් කිරීම අවිනිශ්චිත තත්වයක.

2019-05-23 01:21:00       702
feature-top
විශේෂ ජනාධිපති සමාව යටතේ අද දින නිදහස් කිරීමට සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම මේ වන විට යම් ප්‍රමාදයක් සිදුවෙමින් පවතින බව බොදුබලසේනා විශේෂ ප්‍රකාශයකයෙක් පවසා සිටී. මේසේ සිදු වීමට බලපා ඇත්තේ උලපනේ සුමංගල නම් භික්ෂුන් වහන්සේ විසින් ඥානසාර හිමි නිදහස් කිරීමට විරුද්ද වීමයි. උලපනේ හිමියන් උදෑසන සිට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සමග විහාරස්ථාන වලට සහ අධිකරණ අමාත්‍යාංශයට යමින් එමින් ඉතා අශ්ලීල ආකාරයෙන් හැසිරෙමින් බොදුබලසේනා පහල කාර්‍ය මණ්ඩලයට බැන වදිමින් තර්ජනය කරමින් සිටින බවද එම ප්‍රකාශකයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම තලතා අතුකෝරල ඇමැතිනියද ඥානසාර හිමියන් නිදහස් කරන ලිපිය බන්ධනාගාරය වෙත නිකුත් කිරීමට ප්‍රමාද කරමින් සිටින බව විශේෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

More News »