බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්න, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නෑ..- චම්පික

2019-05-23 08:55:00       657
feature-top
මෙරටට අවශ්‍ය වන්නේ අරාබි කරණය වූ මුස්ලිම් ප‍්‍රජාවක් නොව ශ්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවක් බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේය මාදිවෙල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මුස්ලිම් ජනතාව මක්කම දෙසට හැරී වැන්දාට ප්‍රශ්නයක් නැති නමුත් ඔවුන් මේ මහපොලවේ දෙපයින් සිටගත යුතු බවද ඔහු කියා සිටියේය.

කිසිම ආගමකට තවත් ආගමක් හෙළා තළා කතා කිරීමට හැකියාවක් නැති බවද කී ඔහු විශේෂයෙන්ම කුරානය වැරදියට ගෙන අර්ථ දක්වමින් අන්‍ය ආගම් හෙළා දකින ප්‍රකාශයන් පාලනය කළ යුතු බව ද ඒවාට නීති සම්පාදනය කළ යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම බෞද්ධාගම යොදාගෙන අන්‍ය ආගම් පීඩාවට පත්කරන්නට, ත‍්‍රාඩ ලෙස හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නැති බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »