පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගත් පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කරන්නැයි දැනුම් දීමක්

2019-05-23 08:48:00       657
feature-top
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ, අදාළ ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා පදනම් කර ගනිමින්.

වාර්තා 02ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ තිබුණා. එම වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ ත‍්‍රස්ත ප‍්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙසයි.

ඊට අදාළ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද එහිදී නීතිපතිවරයා විසින් නියෝග කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, ජාතික බුද්ධි ප‍්‍රධානි, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව මෙම පරීක්ෂණය සිදු කරන ලෙසට දන්වා ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගත යුතු විනය ක‍්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය උපදෙස් ජාතික පොලිස් කොමිසමෙන් ලබාගනු ඇති බවටද වැඩිදුරටත් වාර්තා වනවා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »