ආගම් සහ ජාතිය පදනම් නොවූ පොදු පාසල් ක‍්‍රමයක් වසර දෙකකින්

2019-05-22 07:33:00       658
feature-top
ආගම් සහ ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක‍්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කිරීමට කටයුතු කළයුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

මහාමාන්‍ය ඞී එස් සේනානායක මහතා එදා ආරම්භ කළ එම ක‍්‍රමය වර්තමානය වනවිට සිංගප්පූරුව තුළ කි‍්‍රයාත්මක වන බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

මද්‍රසා අධ්‍යාපන ආයතන කි‍්‍රයාත්මක කිරීම සදහා මණ්ඩලයක් ඇති කිරීමටත් එහි කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමටත් තීරණය කර ඇති බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සෑම ජාතියකම, සෑම ආගමකම දරුවන් සිටින මිශ‍්‍ර පාසල් ඇති කිරීමට අවධානය යොමුකළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »