ත‍්‍රස්ත සංවිධානයට වැඩිම මුදල් ලැබී ඇත්තේ මාවනැල්ලෙන්…

2019-05-22 04:44:00       625
feature-top
මුළු රටම හිතන් ඉන්නේ බුදු පිළිම කැඩිමේ සිද්ධිය පටන් ගත්තේ මාවනැල්ලෙන් කියලා ඒක වැරදියි. බුදු පිළිම කැඩිමේ වැඬේ අන්තවාදීන් පටන් ගත්තේ අරණායකින් නමුත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පරික්ෂණයක් අද වෙන තුරු කරලා නැති බව අරණායක ප‍්‍රාදේශිය සභාවේ මහා සභාව පැවැති විපක්ෂ නායක පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී ඩබ්ලිව් ජයරත්න මහතා විශේෂ හෙළි දරව්වක් සිදු කරමින් සභාවට දැන්විය.

අරණායක ප‍්‍රාදේශිය සභාව එහි සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරණායක ප‍්‍රාදේශිය සභාවේ සභා ගර්බයේදි පැවැත්විය. එහිදි වැඩි දුරටත් අදහස් දැක්විමක් සිදු කරන ලද විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

ඓතිහාසික බතලේගල ගල උඩ තියෙන බුදු පිළිම කඩා බිද දැම්මේ මාවනැල්ලේ බුදු පිළිම කඩන්න කලින් නමුත් ඒ සිද්ධිය කරපු අය අල්ලා ගන්න බැරි වුනා. ඒ නිසා අරණායක මේක තිබුණේ නැහැ කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අරණායකින් තමයි මේ අන්තවාදීන් බුදු පිළිම කඩන්න පටන් ගත්තේ බතලේගල ගලේ බුදු පිළිම තමයි ප‍්‍රථමයෙන් කඩා බිද දැම්මේ. ඊට පස්සේ තමයි මාවනැල්ල බුදු පිළිම වලට හානි කලේ. මේවා දේශපාලන පක්ෂ පාට බලන්නේ නැතිව හරියට ප‍්‍රශ්න කරා නම් මේ වෙච්ච විවසනය නැති කර ගන්න තිබුනා. මේ නිසා විශාල අප කීර්තියක් මේ රජයට අද හිමි වි තිබෙනවා. ඒ නිසා මේක අපි සියලූ දෙනාටම බලපාන කාරණයක්. රට මේ ගැටලූව නිසා එහෙම් පිටින්ම ආර්ථිකමය වශයෙක් කඩා වැටිලා. රටේ ප‍්‍රශ්න එන්න එන්න වැඩි වෙනවා.

ඒ වාගේම කියන්න ඔනෑ අරණායක විල්පොල ප‍්‍රදේශයේ වෙනම පාසලක් තිබෙනවා. එක ලංකාවේ තිබෙන පාසල් වලට සම කරන්න කොහොමවත් බැහැ තට්ටු තුනක පමණ ගොඩනැගිල්ලක් මේක සාමාන්‍ය හෝටයක් වාගේ මේක විශාල වියදම් දරලා ඒවායේ මොනවාද කරන්නේ මොනවාද උගන්වන්නේ ඒ ළගම මුස්ලිම් පාසල තිබෙනවා. ඒ තියෙද්දි වෙනම මේ පාසල් පවත්වාගෙන යනවා. මේ වාගේ තැන් පිළිබද අධික්ෂණයක් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. රජයට මේවායේ න්‍යාමනයක් නැහැ. ඒවාගේම රජයෙන් කියනවා අන්තවාදින් ඉන්නේ 150 ක් කියලා නමුත් හමුදා ඇදුම් විශාල තොග ගණන් ලැබෙනවා. මේවා කාටද අන්දන්නේ සිල් ඇදුම් ලැබෙනවා ඒවා කාටද අන්දන්නේ සිවුරු ලැබෙනවා ඒවා කාටද ? අපි විශ්වාස කරන්නේ නැහැ 150 යි 200 කියලා කිවාට අපි හිතනවා සැක කරනවා තමත් මේ ජාලයේ අය තව ඉන්නවා කියලා.

ස්කු දින ප‍්‍රහාරය සිදු වි මසක් ගත වෙනවා. තුන් වරක් බුදුන් වැඩි මේ රට බෞද්ධාගමික රටක් වුන නිසා තමයි මේ වන විට වැරදි කරුවන් සහ මහ විශාල ඛේදවාචකයක් විමට ගිය ඉඩකඩ නැවතිලා තියෙන්නේ. මේ දිවයින බෞද්ධ රටක් කියලා හැම කෙනක්ම දන්නවා අනිකුත් ආගමික ප‍්‍රධානින් පවා කියනවා. නමුත් අපේ එක අමාත්‍යවරයෙක් මේක පිළිගන්න සුදානම් නැහැ. එතුමා මේක බෞද්ධාගමික රටක් නොවෙයි කියලා බොහෝ අවස්ථාවන් වලදි ප‍්‍රකාශ කලා. ඒ සඳහා අරණායක ප‍්‍රාදේශිය සභාවේ අපි සියලූ දෙනාගේ විරෝධතාවය මේ මොහොතේ ප‍්‍රකාශ කරනවා.

ඒ වාගේම ඇවිලෙන ගින්දරට පිදුරු දාන්නා වාගේ රට තුල මේ ගැටලූ වැඩි දියුණු කරමින් තව තවත් මේක ව්‍යාප්ත වෙන්න එතුමාගේ මේ ප‍්‍රකාශය ජනතාව කුපිත කරන ප‍්‍රකාශයක් බවට පත් වුනා. ඒ නිසා මේ ප‍්‍රකාශයට අරණායක ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරු හැටියට දැඩි විරෝධතාවය ප‍්‍රකාශ කර සිටිනවා.

මේක බුදුන්ට තුන් වරක් පූජා කරපු රටක් මුලින්ම මුස්ලිම් ව්‍යාපරිකයන් මේ රටට ඇවිත් සිංහල කාන්තාවන් විවාහ කරගෙන මුස්ලිම් ජාතිය ව්‍යාප්ත වුනේ ක‍්‍රිස්තියානි ආගම ව්‍යාපත් වෙන්නේ මේ රටේ පෘතුගිසි ලන්දේසි යටත් විජිතයක් වුන කාලේ තමයි ක‍්‍රිස්තියානි ආගම මේ රටට පැමිණෙන්නේ ඒ වාගේ හින්දු දෙමළ ජනතාව මෙහි ව්‍යාප්ත වුනේ ඉන්දියාවෙන් මේ රටට සේවය කරන්න ගෙනාපු ජනතාව නිසායි.

මේ සියලූ ආගම් වලට ව්‍යාප්ත වෙන්න ලැබුනේ මේ රටේ බෞද්ධ ජනතාව අනුන්ට වෛර නොරකන අනුන් සාධරයෙක් පිළිගන්න රටක් වුන නිසායි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් පල්ලි වල ඉන්න මව්ලවිවරුන් මේ ත‍්‍රස්තවාදය වැලක්විමට තාම ඉදිරියට ඇවිත් නැහැ. එතුමල්ලාම තාමත් ඉදිරියට එන්නේ නැතිව සැගවිලා ඉන්නවා අපි කියන්නේ ප‍්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සමගින් එකතු වේලා පසුගිය කාලේ තිබුණු සංහිඳියාව නැවත ඇති කර ගත්තොත් හොඳයි කියන කාරණය මෙහිදි මතක් කර යුතුයි.

අද මුස්ලිම් කඩ වලට සිංහල ජනතාව යන්නේ නැහැ. පසුගිය දවස් වල කෑගල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් පාස්කු දින ප‍්‍රහාරය සිදු වුනාට පස්සේ අත්අඩංගුවට ගත්තා එතුමා ලග තිබුණේ මහ විශාල පෙති තොගයක් මේ පෙති මොකේට භාවිතා කරාද මන්දා. එතුමා කලේ ආපන ශාලවක් මෙන්න මේ වාගේ අන්තවාදි කොටසක් මේ මුස්ලිම් ජනතාව සමග ජිවත් විම හරහාත් අද සිංහල ජනතාව සැකයෙන් මේ මුස්ලිම් ජනතාව දිහා බලනවා.

අද හිරේ ඉන්න ඥාණසාර හිමියන් ඇතුලූ මහා සංඝරත්නයේ කිහිප දෙනෙක් මේ මුස්ලිම් අන්තවාදය ගැන කල් ඇතිව තොරතුරු කිවා. ඒවා ඇත්ත කියලා ජනතාව පිළිගන්නවා. ඒ වාගේම තමයි ඔය කියන අන්තවාදි සංවිධානයට මාවනැල්ලෙන් තමයි අති විශාල මුදලක් හම්බ වේලා තියෙන්නේ. අපි හිතනවා මේ ප‍්‍රදේශවලත් හැම මුස්ලිම් කෙනෙක්ම මේ සංවිධානයට උදව් කරන්න ඇති සල්ලි දෙන්න ඇති කියලා. හැබැයි මරණ බයට හරි සල්ලි දුන්න ව්‍යාපාරිකයන් මේකේ ඉන්නවා.

නමුත් අපි මතක් කරනවා සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාව සම්බන්ධ වු නිසා තමයි ඔවුන් ව්‍යාපාර කරලා මේ රටේ ඉහලටම ගියේ එහෙම නොවන්නට මුස්ලිම් ජනතාව අද මේ ඉන්න තත්වයට පත් වෙන්නේ නැහැ.

බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හෙළි වුනාට පස්සේ මේ සිද්ධියත් ආනාවරණය කර ගන්න තිබුණා ඒ ඔස්සේ මේක නවත්වා ගන්න තිබුණා. බුදු පිළිම කැඩු අය නියම විදිහට ප‍්‍රශ්න කරානම් අද මේ විවසනය ඇති වන්නේ නැහැ. බුදු පිළිම කැඩි අය මන්ද බුද්ධික අය කියලා දේශපාලන ආණ්ඩුවේ අය කියලා ඒ ප‍්‍රශ්නය මග හැරියා.
(under the courtesy of lankacnews.com news web)

More News »