ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා තබන්න එපා - ජනපතිගෙන් ආරක්‍ෂක අංශ වලට උපදෙස්

2019-05-22 04:37:00       658
feature-top
ප‍්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමුකළ බවයි.

මේ අතර ඉකුත්දා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් හානි වූ මුස්ලිම් දේවස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීම හා එම ගැටුම් හේතුවෙන් හානි වූ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මීට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලින් සිදුවූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කළ ක‍්‍රමවේදය යටතේ අදාළ වන්දි ගෙවීමටයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

More News »