ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලට ජය

2019-05-22 11:01:00       703
feature-top
ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගයෙන් ලකුණු 35ක ජයක් හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

තරගයේ කාසියේ වාසියේ දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය..

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු08ක් දැවී ලකුණු 322ක් ලබා ගැනිමට සමත් වුණි.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 77ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් සහ ලහිරු තරිමාන්න නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේය.

තරගය අතරතුර හටගත් වර්ෂාපතනය හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 34කදී ලකුණු 235ක ඉලක්කයක් හිමි වුණි.

එහෙත් එම කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 199ක් පමණකි.

ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් ජෝර්ජ් මුන්සි ලකුණු 61ක් සහ මැතිව් ක්රොස් ලකුණු 55ක් ලබා ගත්තේය.

පන්දු යැවිමේදී නුවන් ප්‍රදීප් කඩුලු 04ක් දවා ගත්තේය.


(under the courtesy of adaderana.lk news web)

More News »