පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කතෝලික පියවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. අගමැති ඇතුළු 13කට චෝදනා..

2019-05-22 08:57:00       659
feature-top
සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියවරුන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇති අතර මෙයින් ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැර හරින ලද රජයේ මැති ඇමතිවරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු වග උත්තරකරුවන් කර ඇත.

එ් අතර අග‍්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක්ද වේ.

නීතිඥ සුනිල් වටගල මහතා මෙම නඩුව ගොනුකල අතර ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි.

21ට පාස්කු ඉරුදින ප‍්‍රහාරයට මසක් සපිරෙ.
(under the courtesy of nethnews.lk news web)

More News »