දෙමල-මුස්ලිම් ජනතාගේ ඉඩම් අක්කර 3725 භික්‍ෂුවක් විසින් ආක‍්‍රමණය කරනවා..- සම්බන්ධන් හෙලි කරයි..

2019-05-21 06:01:00       684
feature-top
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුස්ලිම් හා දෙමළ ජනතාවට අයිති ඉඩම් අක්කර 3725 එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි.

එම ක්‍රියාව වහාම නතර කරන්නැයි සම්බන්ධන් මහතා විසින් ජනාධිපති සහ අගමැති වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

උච්චවේලි පුල්මුඩේ ප්‍රදේශයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් විසින් මෙලෙස ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් සිටින බව සම්බන්ධන් මහතා විසින් යොමු කර ඇති ලිපියේ සඳහන් වෙයි.

මෙම ඉඩම් පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ඉඩම් බවට අදාළ භික්ෂූන් වහන්සේ විසින් සඳහන් කළ ද ඒවා පාරම්පරිකව දෙමළ සහ මුස්ලිම් ජනතාවට අයිතිය හිමි ඉඩම් බවද දෙමළ සන්ධාන නායකයා යොමුකර ඇති ලිපියේ සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »