තරුණයින් 11ක් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවේ සිටි සැකකරුවන් යළි රිමාන්ඩ්

2019-05-21 04:23:00       679
feature-top
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි, ලුතිනන් කමාන්ඩර් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුළු සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මේ අතර නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මුහුණ පොත හරහා අසත්‍ය ප්‍රචාර පලකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »