මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුව-දෙවන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2019-05-21 04:15:00       627
feature-top
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ දෙවන විත්තිකරු වන උමාර් හබ්තාබ් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී තිබේ.

ඒ  හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් මෙම සිද්ධියට අදාළ නඩුව අද (21) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේ දීය.

ගොනුකර තිබූ අධිචෝදනා 48 න් 31 කට වරදකරු සැකකරු වරදකරු බවයි විනිසුරුවරිය තීන්දු කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »