සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් බාර ගැනීම දිගු වෙයි

2019-05-21 04:13:00       681
feature-top
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම මැයි මස 31 වන දා දක්ව දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.

ඒ අනුව විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම සඳහා පවත්නා තත්ත්වය මත ග්‍රාම නිලධාරී මඟින් සිදු කිරිමට නොහැකි වන අවස්ථාවලදී අදාළ ආයතන ප්‍රධානියා මඟින් සහතික කර ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් ද බාර ගැනීමට කටයුතු කර තිබේ.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.


(under the courtesy of adaderana.lk news web)

More News »