පහසු මිලට නිවාස අලෙවි කරන නගරයක්

2019-05-21 03:22:00       681
feature-top
විශේෂ වට්ටම් සහිතව පහසු මිලට නිවාස අලෙවි කරන නගරයක් පිළිබඳව පුවතක් ඉතාලියෙන් වාර්තා වෙයි.

නගරයේ ආර්ථිකය නඟාසිටුවීමේ පියවරක් ලෙසයි එම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙයි.

මුස්සොමේලි, ඉතාලියේ සිසිලි දිවයිනේ පිහිටි නගරයක්.

මේ වනවිට එම නගරයේ පැරණි නිවාස විශේෂ වට්ටම් සහිතව පහසු මිලට අලෙවි කරමින් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කඳුකර නගරයක් වන මුස්සොම්ලි හි ජනගහණය 11 000කටත් අඩු අගයක් බව සඳහන් වෙයි.

එහි නිවසක් යූරෝ එකක වටිනාකමේ සිට අලෙවි කිරීම සඳහා වන සැළසුමක් 2017 වර්ෂයේදී හඳුන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ ඉල්ලීම් සහ විමසීම් හේතුවෙන් ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා රජය මැදිහත් වී ආයතනයක් පිහිටුවා තිබේ.

කෙසේ වෙතත් මෙහි  නව නිවසක් මිළදී ගනු ලබන පුද්ගලයින් නගර බලධාරීන් සමග ගිවිසුමකට එළඹිය යුතුයි.

ඒ අනුව ඔවුන් ඒ  වෙනුවෙන් තැන්පතු මුදල් ලෙස යූරෝ 5000ක මුදලක් ආයෝජනය කළ යුතු අතර වසර තුනක් තුළ තමා මිළදී ගන්නා නිවාස අලුත්වැඩියා කිරීමට බැඳී සිටියි.

එමෙන්ම ගිවිසුමට එළඹීමෙන් අනතුරුව ඔවුන්  යූරෝ 400ක තැරැව් ගාස්තුවක්ද ගෙවිය යුතුයි.

මෙම සැළසුම ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව මේ දක්වා වන කාලය තුළ යූරෝ 1ක සිට 1000ක දක්වා වටිනාකමකින් යුත් නිවාස 100ක් පමණ අලෙවි වී ඇති බව සඳහන් වෙයි.

එම මිලදීගැනීම් බහුතරයක් සිදුකර ඇත්තේ බෙල්ජියම ප්‍රංශය නෙදර්ලන්තය සහ සෙසු යුරෝපා රටවල පුරවැසියන්.

ඔවුන් එම නිවෙස්වලට පැමිණීම අනිවාර්ය අංගයක් කර ඇති නගර බලධාරීන් ප්‍රදේශවාසීන්ට එම නිවාස  මිලදී ගැනීමට අවසර ලබා දී නැහැ.

දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ පියවරක් ලෙස එම තීරණය ගත් බවයි බලධාරීන් ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙල යටතේ මේ වනවිට තවත් නිවාස 400ක පමණ ප්‍රමාණයක් අලෙවියට ඉදිරිපත් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »