ධම්මික පෙරේරා සූදුකාරයෙක්.. පොදු අපේක්‍ෂක වෙන්න සැරසෙන ධම්මික පෙරේරාට පලමු දරුණු ප‍්‍රහාරය එස්.බී.ගෙන්..

2019-05-21 02:54:00       678
feature-top
මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට වාර්තා පළ වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදහස් පළ කළේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් මුණ ගැසී සාකච්ඡා කරමින් සිටි අතරවාරයේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප‍්‍රධානතම කැසිනෝහල් කිහිපයකම (Ballys-Bellagi) හිමිකරුද වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »