සභානායකකම දෙන්න ළමයෙකුට-ගම්මන්පිල

2019-05-20 07:13:00       635
feature-top
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට දින 2ක් ලබාදෙන ලෙස හෙට(20) දිනයේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටිමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
 
රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේ තිබූ අඩුපාඩුකම් හේතුවෙන් කථානායකවරයා ප්‍රතික්ෂේප කළ බවට ඇතැම් සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය බව පැවසු ගම්මන්පිල මහතා, නීතිය නොදන්නා නීතිඥයෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, මෙම යෝජනාව ප්‍රතික්ෂේප විය යුතු යැයි ප්‍රකාශ කර තිබු බව ද පැවසීය.

කෙසේ වෙතත් එහි කිසිදු නීතිමය අඩුපාඩුවක් නොමැති බව ද පැවසු ගම්මන්පිල මහතා, එයට උදාහරණය වන්නේ මේ වන විටත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මෙය ඇතුළත් කර අවසන් බව ද සඳහන් කළේය.

“අනේ කිරිඇල්ල නොදුටු න්‍යාය පුස්ථකය“ යනුවෙන් ද පැවසු ගම්මන්පිල මහතා, සභානායකකම ළමයෙකුට ලබා දිය යුතු බව ද පැවසීය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා කථානායකවරයාගෙන් ඉතා ඉක්මනින් දිනයක් ඉල්ලා සිටින බව ද පැවසු ගම්මන්පිල මහතා රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව යෝජනා 10ක් අඩංගු වන්නේ අලුත් තොරතුරු රැසක් ඇතුළත් නිසා බවත්, අවම වශයෙන් මෙම විවාදය සඳහා දින 2ක කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

More News »